හිරුණිකා ඇතුළු පිරිස අත්අඩංගුවට : කොටුවේ කඳුළු ගෑස්

July 6, 2022 at 12:34 PM

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 09 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවන් පස් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය අසල පැවැත්වෙන විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් දඑල්ල කර තිබෙනවා.