ඉන්ධන පෝලිමක තවත් පුද්ගල මරණයක්

July 5, 2022 at 12:07 PM

ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බොරැල්ල ප්‍රදේශයේ ටිකල් පාරේ නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව ඉන්ධන ලබා ගැනීම සඳහා අද දිනයේ ද පිරවුම්හල් අසල පෝලිම් වල රැඳී සිටින බවයි වාර්තා වන්නේ.