මහනායක හිමිවරුන් ජනපතිට සිය අප්‍රසාධය පළකරමින් ලිපියක් යවයි

July 1, 2022 at 6:44 PM

සැබෑ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නම් 22A වහා සම්මත කළ යුතු බව මහානායක හිමිවරු ජනපතිට ලිපියක් යවමින් ප්‍රකාශ කර සිටිනවා.

රට තුළ පවතින දේශපාලනික හා ආර්ථික අස්ථාවරභාවය හේතුවෙන් මහජනතාව මුහුණ දෙන දැඩි දුෂ්කරතා පිළිබඳවත්, මහජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් එම අර්බුද විසඳා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳවත් ගතවූ කාලය තුළ අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයාව දැනුවත් කිරීමට පියවර ගනු ලැබූ බව මෙහිදී මහනායක හිමිවරුන් සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.

එම යෝජනා මාලාව ප්‍රකාරව උද්ගතව ඇති අර්බුද විසඳීම සඳහා සාධනීය පියවර ගන්නා බවට අපවෙත ලිඛිතව දැනුම් දුන්නද එම අර්බුද සඳහා සැබෑ විසඳුම් සෙවීම පසෙකලා සුපුරුදු පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රය මත ක්‍රියාත්මක වීම ගැන මෙහිදී ජනාධිපතිවරයා වෙත මහනායක හිමිවරුන් විසින් සිය අප්‍රසාදය පළකර තිබෙනවා.

මහනායක හිමිවරුන් විසින් ජනපතිට යොමු කළ ලිපිය පහතින් :