ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි

July 1, 2022 at 9:45 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔහුට වෛරසය ආසාදනය වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අතර වාරයේදීය.

ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ඔෂද ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබෙනවා.