22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කෙරේ

June 30, 2022 at 8:25 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සශෝධන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එයට කැබිනට් අනුමැතිය ද හිමිවුණා.

මෙම නව ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා පත් කිරීමේ දී සැලකිලිමත් විය යුතු සහ සපුරාලිය යුතු කරුණු, අග්‍රාමාත්‍ය ධුරයේ බලය සහ තනතුරේ ස්වභාවය, නව කොමිෂන් සභා සහ අමාත්‍ය මණ්ඩලය සාමූහිකව වගකිව යුතු ආකාරය පිළිබඳ පුළුල් අර්ථකථනයක් ඉදිරිපත් කර තිබෙනවා.

22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මෙතැනින් කියවන්න :