හෙට සිට බස් ගාස්තුව ඉහළ යන අයුරු

June 30, 2022 at 10:28 AM

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සීයයට 22 කින් සංශෝධනය කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් අවසර ලබාදී ඇත.

ඒ අනුව අවම බස් ගාස්තුව ද රුපියල් 40ක් දක්වා ඉහළ නැංවිමට අවසර හිමිව තිබේ.

ඉකුත් ඉරිදා දින සිට ඉන්ධන මිල ඉහළ දැමීම සහ ජූලි මස 01 වෙනිදාට යෙදී තිබෙන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව මෙම නව ගාස්තු සඳහා අනුමැතිය හිමිව ඇත.