කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් 500ක් පලා යයි

June 29, 2022 at 12:41 PM

කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් 500ක ප්‍රමාණයක් ඉන් පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව ප්‍රකාශ කර සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි රැඳවියෙකු ඊයේ රාත්‍රියේ දී සැකකටයුතු ලෙස මියගොස් ඇති බවත් ඉන් පසුව එහි සිටි දහසකට ආසන්න පිරිසක් කඳවුර තුල කලහකාරී ලෙස හැසිරීමට ආරම්භ කර ඇති බවයි.

මෙහිදී එම රැඳවියන් විසින් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ  ආරක්ෂාවට යොදවා සිටි පොලිසියට සහ හමුදා සාමාජිකයින්ට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති බවත් අද උදෑසන ආරක්ෂක වැටවල් කඩා බිඳ දමමින් රැඳවියන් 500 පිරිසක් ඉන් පලා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ වන විට පලා ගිය පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටි.