බලශක්ති අමාත්‍යංශයේ ලේකම්ව, සේවකයින් පිරිසක් බලෙන් රඳවා ගනියි

June 27, 2022 at 5:44 PM

උද්ඝෝෂකයින් පිරිසක් විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණව ඔහුගේ මෝටර් රථය තුළ සිරකර ගෙන සිටින බව වාර්තා වනවා.

කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයින් පිරිසක් එසේ ඔහුව සිරකර ගෙන සිටින බවයි වාර්තා වන්නේ.

උද්ඝෝෂකයින් පවසන්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික අංශයට පවරන බවට අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඊයේ පැවසු බවත් එහි සත්‍යතාව දැනගැනීමට ඔවුන් පැමිණි බවයි.

නමුත් කැබිනට් රහස් හෙළිකිරීමට නොහැකි බවට අමාත්‍යාංශ ලේකම්වරයා උද්ඝෝෂකයින්ට දන්වා තිබුණේ.