හෝමාගම නිවසක ගින්නක් : පුද්ගලයෙකු මරුට – තවත් තිදෙනෙකුට තුවාල

June 26, 2022 at 11:03 AM

හෝමාගම, මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක පහළ මාලයේ කාමරයක් තුළ ඇති වූ ගින්නකින් පියා මියගොස් සය හැවිරිදි දියණියක ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ හෝමාගම මාගම්මන පදිංචි 47 හැවිරිදි දෙදරු පියෙක්.

ගින්නෙන් අඹුසැමි යුවළ හා වැඩිමහල් දියණිය බරපතළ පිළිස්සුම් තුවාල ලබා සය හැවිරිදි දියණිය සුළු තුවාල ලබා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.