ඡායාරූපය ගැන ගම්මන්පිලගෙන් පැහැදිලි කිරීමක්

June 25, 2022 at 2:14 PM

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ කණ්ඩායම විදෙස් නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කරන ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අතර එය IMF නියෝජිත පිරිසක් සමග කළ සාකච්ඡාවක් බවට තොරතුරු පළ විය.

 

මෙහිදී දේශීය නියෝජිත පිරිස සටහන් තබා ගැනීමට ක්‍රමවේදයක් භාවිත නොකිරීම සම්බන්ධයෙන් ද විවේචන එල්ල විය.

මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා මෙලෙස කරුණු පැහැදිලි කර තිබේ

මෙම ඡායාරූපය අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවීමක් ලෙසින් හුවා දැක්වීමට ඇතැමුන් උත්සහ දරයි.

එහෙත් මේ ඡායාරූපය පෙන්වන්නේ අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමුවීම නොව ඉන්ධන මිල දී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රුසියානු තානාපති හමුවීමයි.

ඡායාරූපය විශාල කලොත් මා ඉදිරිපිට අයිපෑඩ් තිබෙනු දැකිය හැක. මා වැදගත් කරුණු සටහන් කර ගත්තේ එහිය.”

නීතිඥ උදය ගම්මන්පිල