රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ලබාදීමේ යෝජනාවක්

June 24, 2022 at 12:18 PM

රජයේ සේවකයින්ට රට තුළම පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වීම සඳහා වසර පහක් නිවාඩු ලබා දීමට ඇති හැකියාව සොයා බැලීමට සත් පුද්ගල කමිටුවක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් පත්කර ඇති බව වාර්තා වනවා.

මෙම කමිටු වාර්තාව සති දෙකකින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට පියවර ගන්නා බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.