නිතිවිරෝධි සංක්‍රමිණකයින් 35 දෙනෙකු නාවික හමුදා භාරයට

June 24, 2022 at 12:15 PM

නීතිවිරෝධී අයුරින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සුදානම් වූ පුද්ගලයින් 35 දෙනෙකු සමග බහුදින ධිවර යාත්‍රාවක් පානදුර ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 05 දෙනෙකු ද ඇතුළුව පිරිමි පුද්ගලයන් 25ක්, කාත්තාවන් 04ක් හා ළමුන් 06 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

වැඩිදුර පරික්‍ෂාවේදී නාවික හමුදා භාරයට ගත් එම බහුදින ධීවර යාත්‍රාවෙහි එන්ජිමෙහි කාර්මික දෝෂයක් පවතින බවද නිරීක්‍ෂණයවූ අතර, එම යාත්‍රාව දීර්ඝ මුහුදු ගමනකට නුසුදුසු තත්වයේ පවතින බවද අණාවරණය වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස, ත්‍රීකුණාමලය, මන්නාරම, මඩකලපුව, මීගමුව, කල්පිටිය සහ නුවරඑළිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.