ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන ඇමති ධුරයේ දිවුරුම් දෙයි

June 24, 2022 at 6:35 PM

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ධම්මික පෙරේරා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභ රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමෙන් පසු ධම්මික පෙරේරා ඉකුත් බදාදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවා.