ඉන්දීය විදේශීය ලේකම් ඇතුළු දුත පිරිසක් මෙරටට පැමිණෙයි

June 23, 2022 at 10:12 AM

ඉන්දීය රජයේ සිව් දෙනෙකු ගෙන් යුත් විශේෂ දූත පිරිස අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණ තිබෙනවා. මෙම දූත පිරිසේ ප්‍රධානත්වය හොබවනු ලබන්නේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා විසින්.

ශ්‍රී ලංකාවට මූල්‍ය අධාර සැපයීම සම්බන්ධයෙන් මෙම ඉන්දීය දුත පිරිස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ දේශපාලනඥයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවට අයත් කේ.- 3603 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින උදෑසන 09.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.