රැට්ටා ඇතුළු පිරිස රිමාන්ඩ්

June 22, 2022 at 7:34 PM

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා, ළහිරු වීරසේකර, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ, පූජ්‍ය රත්කරාවේ ජිනරතන හිමියන් සහ ජගත් මනුවර්ණ ඇතුළු පිරිස ජුලි මස 01 වෙනිදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

ඉකුත් 09 වනදා සහ 10 යන දිනවල කොටුව සහ තලංගම යන ප්‍රදේශවල ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් එම පිරිස ඇතුළු තවත් දෙදෙනෙකු වරෙන්තුකරුවන් ලෙස නම් කර තිබුණා.

ඒ අනුව ඔවුන් අද දිනයේදී මරදාන පොලිසිය වෙතට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.