රාජ්‍ය සේවකයින්ට රැකියා සඳහා විදේශ ගතවීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

June 22, 2022 at 11:16 AM

රාජ්‍ය සේවකයින්ට වසර 05ක කාලයක් සඳහා විදේශ ගතවීමට අදාළ වන විශේෂ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය අනුව විදේශ ගතවන රාජ්‍ය සේවකයින් ඔවුන්ගේ නමට විවෘත කරන ලද අනේවාසික ගිණුමක් හරහා සෑම මාසයකම නිශ්චිත විදෙස් මුදල් ප්‍රමාණයක් එවීම සිදුකළ යුතුවේ.