ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පාවෙන් පුද්ගලයින් 950 දෙනෙකු ජිවිතක්ෂයට

June 22, 2022 at 2:41 PM

ඇෆ්ගනිස්ථානයේ කොස්ට් ප්‍රදේශයට කිලෝ මීටර් 44 ක් පමණ දුරින් මැග්නිටියුඩ් ඒකක 6.1 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ පක්ටිකා ප්‍රදේශයටයි.

එම ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි සහ නිවාස රැසක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර සුන්බුන්වලට යටවී පුද්ගලයින් 950 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුවාලකරුවන් 610 දෙනෙකුට අධික පිරිසක් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. භූ කම්පනය සිදුව තිබුණේ අද අලුයමයි.

එම අවස්ථාවේදී බොහෝ පිරිසක් සිය නිවෙස් තුළ නිදා සිටි බැවින් බොහෝ පිරිසක් එලෙස සුන්බුන්වලට යටවී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.