සජබය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

June 21, 2022 at 10:49 AM

සමගි ජන බලවේගය මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. මේ සතියේ පාර්ලිමේන්තු කටයුතු වර්ජනය කරන බවයි විපක්ෂය පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී දන්වා සිටියේ.

රජය කෙරෙහි ඇති අප්‍රසාදය පෙන්වීම සඳහා පාර්ලිමේන්තු කටයුතු වර්ජනය කරන බවයි සමගී ජනබල වේගය පක්ෂය දන්වා සිටියේ.

සමගී ජනබල වේගය පක්ෂය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ තීරණය පාර්ලිමේන්තුවට දන්වා සිටියා.