සෞඛ්‍ය අංශ සේවකයින්ට ඉන්ධන ලබා දෙන ක්‍රමවේදය එළිදක්වයි

June 20, 2022 at 1:49 PM

පවතින අර්බුධකාරී වාතාවරණය හමුවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් සඳහා සතියේ සෑම සිකුරාදා දිනයකදී ඉන්ධන ලබාදීම සඳහා බලශක්ති අමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ජාවෙන් පසු ක්‍රමවත් වැඩපිළිවලක් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කවැල්ල ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව තෝරා ගත් ඉන්ධන පිරවුම්හල් මගින් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ට මෙලෙස ඉන්ධන බෙදා හැරීමට නියමිත වන අතර එහිදී අදාළ පුද්ගලයින් තමන්ගේ නිල හැඳුනුම්පත ඉන්ධන පිරවුම්හල් වෙත ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය සේවකයින් සඳහා සෑම සිකුරාදා දිනයක ඉන්ධන නිකුත් කරන ආකාරය :

මෝටර් රථ සහ SUV වර්ගයේ වාහන සඳහා ඉන්ධන ලීටර් 40ක්, ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලීටර් 15ක් සහ යතුරුපැදි සඳහා ඉන්ධන ලීටර් 10ක් නිකුත් කිරීමට නියමිතයි.

ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් :