මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනු 21ක් අත්අඩංගුවට

June 20, 2022 at 1:04 PM

මුදල් අමාත්‍යාංශයේ දොරටු අවහිරවීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය සමග මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහභාගිවීමට නියමිතව තිබූ සාකච්ඡාවටද බාධා එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

මේ අනුව එම ස්ථානයේ විරෝධතාවල නිරත 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

භික්‍ෂුන් වහන්සේ නමක්, කාන්තාවන් සිව් දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු ඒ අතර වනවා. සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.

මේ වනවිට ලෝටස් වටරවුම අසල මාර්ගයේ යුද හමුදාව ස්ථාන ගත කර තිබෙනවා.