අතුරුගිරියේ ඉන්ධන පිරවුම්හලක් අසල නොසන්සුන්තාවයක් : සැකකරුවන් 09ක් අත්අඩංගුවට

June 18, 2022 at 9:05 AM

අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් කාන්තාවක් ඇතුලු සැකකරුවන් 09 දෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කර සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් 06 දෙනෙකු සිද්ධියේදී තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 06 දෙනා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇති බවද ඔහු සඳහන් කර සිටියා.

ඊයේ පස්වරු 04රේ සිට රාත්‍රී 09 පමණ දක්වා එම පිරවුම් හලෙන් ඉන්ධන නිකුත් කර තිබෙනවා. ඉන්ධන තොග අවසන් වූ පසු පිරවුම් හල වසා දමා ඇති අතර පෝලිමේ රැදී සිටි ඉන්ධන නොලැබුණු පිරිසක් අදාල ස්ථානයේ කලහකාරී ලෙස හැසිරෙමින් එම පිරවුම්හලට හානි කිරීමට උත්සහ දරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.