පල්ලේකැලේ දී කළහකාරී ලෙස හැසිරුණු සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට

June 17, 2022 at 10:03 AM

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර ඊයේ පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවති එක්දින තරගයයේදී පොලිස් නිලධාරීන් ගේ රාජකාරියට බාධා වන අයුරින් කටයුතු කළ සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ක්‍රිඩාංගනය තුලට ඇතුලු වන ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රවේශ පත්‍ර පරික්ෂා කරන අවස්ථාවේදී බිමත්ව පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කරමින් ආවේගශීලි ලෙස හා කලහකාරීව හැසිර ඇති අතර එහිදී එම පිරිස පාලනය කිරිමට පොලිස් නිලධාරින් උත්සහ ගත් අවස්ථාවේදී එම පිරිස අතරින් කිහිපදෙනෙකු රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට සාපරාධි බලහත්කාරපෑමක් සිදුකර ඇති බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 හා 28 වියේ පසුවන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත පිඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් සහ සිසුවියක් බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී මෙම සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.