හෙට රජයේ පාසැල් සඳහා නිවාඩු ලබා දෙයි

June 16, 2022 at 3:43 PM

හෙට (17) දිනය රජයේ සහ රජයේ අනුමත පාසැල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර 2023 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ  අයදුම්පත් හා උපදෙස් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල  වෙබ් අඩවිය http://moe.gov.lk වෙත පිවිසීමෙන් එම  තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකිය.