ඉන්ධන පෝලිමකින් තවත් පුද්ගල මරණයක් වාර්තා වෙයි

June 16, 2022 at 9:18 AM

පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පානදුර පොලීසිය පැවසුවේ අද අලුයම හටගත් හෘදයාබාධයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ අතර අද දිනයේද ඉන්ධන සහ ගෑස් ලබා ගැනීම සඳහා දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව පෝලිම්වල සිටින බවයි වාර්තා වන්නේ.