ගෑස් සහ ඉන්ධන ඉල්ලා අදත් තැන තැන විරෝධතා

June 15, 2022 at 1:41 PM

ගෑස් සහ ඉන්ධන සඳහා අද දිනයේ ද රට පුරා දිගු පෝලිම් වාර්තා වී තිබේ.

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000කින් සමන්විත නෞකාවක් හෙට දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර සිටියේ. නෞකාව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙන අතර එය ඉන්දියාවෙන් ලබාගත් ණය රේඛාව යටතේ ලැබෙන අවසන් ඉන්ධන නෞකාවයි.

ඉන්ධන නොමැතිකම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය 80% කින් ඩුවීමත් සමඟ අද දිනයේ මගීන් දැඩි අපහසුතාවට පත්වුණා.

මේ අතර බෙදා හැරීමේදී හෝටල් සහ ගෘහස්ථ ගෑස් සඳහා ප්‍රමුඛත්වය දීමට රජය තීරණයක් ගෙන ඇත. ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ මේ වන විට ශ්‍රී ලංකාව සතුව LP ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් පවතින බවයි.

කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ යාත්‍රාවකින් තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් ගොඩ බාමින් පවතින බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත්, ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සඳහා ජනතාව දින කිහිපයක් පෝලිම්වල රැඳී සිටියි.

තවද, ඉන්ධන ඉල්ලා අද ශ්‍රී ලංකාව පුරා විරෝධතා කිහිපයක් ද වාර්තා වුණා.

ඒ අතර, දෙමටගොඩ සිට බේස්ලයින් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් පැවැත්වෙමින් තිබෙනවා. මේ අතර ඉන්ධන ඉල්ලා විරෝධතාකරුවන් විසින් කොළඹ පංචිකාවත්ත හන්දිය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් දෙහිවල ප්‍රදේශයෙන් ගාලු පාර අවහිර කළා.

වාහන තදබදය වළක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට උපදෙස් දෙනු ලැබුවා.