CEB සභාපති ඉල්ලා අස්වෙයි

June 13, 2022 at 2:35 PM

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති M.M.C. ෆර්ඩිනැන්ඩු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කලේ  විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් තමන් වෙත එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගනු ලැබූ බවයි.

ඒ අනුව ලංවිම නව සභාපතිවරයා ලෙස එහි නියෝජ්‍ය සභාපති නලින්ද ඉලංගකෝන් පත්කර තිබෙනවා.