ලිට්‍රෝ නව සභාපති ලෙස මුදිත පිරිස් පත් කරයි

June 13, 2022 at 10:59 AM

ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පිරිස් පත් කර තිබෙනවා. ඒ එම සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ විජිත් හේරත් පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.

සභාපති වශයෙන් පත් කෙරුණු මුදිත පිරිස් ලිට්‍රෝ සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරමින් සිටියා.