විදුලිබල මණ්ඩලයේ සභාපතිගේ ප්‍රකාශය ජනපති ප්‍රතික්ෂේප කරයි

June 11, 2022 at 9:45 PM

කෝප් කමිටුව හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු සිදුකළ ප්‍රකාශය තමන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට පිරිනැමීමේ දී අධිකාරීමය බලය භාවිත කළ බවට කළ ප්‍රකාශය තමා එලෙස ප්‍රතික්ෂේප කරන බවයි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.

අදානි සමාගමට පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා අවසර ලබාදීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෝප් කමිටුව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා. ඒ, ඔවුන් කොප් කමිටුව හමුවට කැදවූ අවස්ථාවේදියි.