ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා නුදුරේදීම ශ්‍රී ලංකාවට

June 11, 2022 at 8:24 AM

ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියාට මෙරටට පැමිණීමට සිදුකළ ආරාධනය පිළිගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව ඔහු ඉක්මනින් ශ්‍රි ලංකාවට පැමිණීමට සැලසුම් කරනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කර සිටියා.

තමන් සමඟ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා ඊයේ සිදුකළ සාකච්ඡාවකදී මෙම ආරාධනාව කළ බවයි ට්විටර් සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කර තිබෙන්නේ.