දසුන් ගේ පිතිහරඹය අවසන් T20 තරගයේදී ශ්‍රී ලංකාවට ජය ගෙන එයි

June 11, 2022 at 10:49 PM

ඔස්ට්‍රේලියාව සමග පැවති අවසන් විස්සයි 20 තරගය කඩුලු 04 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ජයග්‍රාහි ලකුණු 177 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 20 වෙනි පන්දු වාරයේ අවසන් පන්දුවේදී සිය ඉලක්කය සම්පුර්ණ කර ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක දසුන් ශානක පන්දු 25ක් තුලදී නොදැවී ලකුණු 54ක් රැස් කරනු ලැබුවා. දසුන් ශානක ගේ ඉනීමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් එකතු වුවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව සිය පන්දු ඕවර 20 දී කඩුලු 5ක් දැවී ලකුණු 176ක් රැස් කරනු ලැබුවා.

කෙසේ වුවද තරග 03 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය 2-1ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගනු ලැබුවා.