කැකුළු සහල් සඳහා උපරිම මිලක් නියම කරයි

June 11, 2022 at 8:26 AM

දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 210ක් ලෙස සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම නියෝගය ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

කිසිදු නිෂ්පාදකයෙකු, සාදන්නෙකු, සැපයුම්කරුවෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් උපරිම සිල්ලර මිල ඉක්මවා වෙළදාම් කිරීම, සැපයීම, වෙළදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළදාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.