සඳුදා රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩු දිනයක්

June 10, 2022 at 4:40 PM

ජුනි 13 වෙනි සඳුදා රජයේ කාර්යාල සේවකයින් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දී සිටිනවා.

ප්‍රවාහන සේවයේ පවතින ගැටලු හේතුවෙන් මෙලෙස සඳුදා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත.