රටේ බොහෝ ප්‍රදේශවල විදුලි සැපයුම බිඳ වැටෙයි

June 9, 2022 at 6:09 AM

දිවයිනේ ප්‍රදේශ රැසක අද අලුයම 4.00 සිට විදුලි සැපයුම බිඳ වැටී ඇති බව වාර්තා වනවා.

කොළඹ නගරය ද ඇතුළුව ප්‍රදේශ රැසක මේ වන විට විදුලි සැපයුම බිඳ වැටී ඇති බව සඳහන්.

විදුලි බල සැපයුම, රෝහල් සහ සාත්තු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.

මේ අතර අද දිනයේදී පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත විදුලිබල පනතේ සංශෝධනයට විරෝධය පළ කරමින් විදුලි ඉන්ජිනේරුව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.