මුව ආවරණ හෙට සිට අනිවාර්ය නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්

June 9, 2022 at 4:43 PM

මුව ආවරණ පැළැඳීම හෙට (10) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා..

කොරෝනා වසංගතයෙන් බේරීම උදෙසා පැලැඳූ මෙම ආරක්ෂිත ක්‍රමෝපාය හෙට සිට භාවිත කිරීම අනිවාර් යය නොවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණර්ධන සඳහන් කර සිටින්නේ.

කෙසේ වුවද, ශ්වසන රෝග සහ ඒ ආශ්‍රිත අපහසුතා ඇති පිරිස් හට කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය අයුරින් මුව ආවරණ පැළැඳීම සිදු කළ හැකි බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.