ජොන්ස්ටන් ප්‍රනාන්දුට රාත්‍රී 8 වෙනකම් කල් දෙයි

June 9, 2022 at 3:14 PM

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද රාත්‍රී 8.00 ට පෙර අධිකරණයට භාර වන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර සිටියේ.

එතෙක් ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙසද අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ මෙම රීට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් අවසන් තීන්දුවක් ලබා දෙන තුරු අධිකරණයට ඉදිරිපත් වන තෙක් ඔහු සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසත් අභියාචනාධිකරණය විසින් මහේස්ත්‍රාත්වරයාට නියම කළා.