අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු ඇමති ජොන්ස්ටන් ගෙන් අධිකරණයට පෙත්සමක්

June 8, 2022 at 9:59 AM
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ පසුගිය මැයි මස නව වනදා කොල්ලුපිටිය මයිනා ගෝ ගම සහ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තමාව නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇති බවයි.

ඊට අදාලව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබූ තිබෙන බවද ඔහු පවසනවා.

නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ම සැකකරුවකු වශයෙන් නම් කොට අත්අඩංගුවට ගැනීමට  සූදානම වන අතර එය නීතියට පටහැනි බවයි ඔහු පවසන්නේ.

එබැවින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.