රුසියානු ගුවන් යානය රඳවා තබා ගැනීමේ සිද්ධියට අදාළ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කෙරේ

June 7, 2022 at 5:46 PM

රුසියානු ඒරෝෆ්ලොට් සමාගමට අයත් ගුවන් යානය රදවා තබා ගැනීමේ සිද්ධියට අදාළ කොළඹ වාණිජ මහාධිකරණය මගින් නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාවේ යෙදවීමේදී අධිකරණ ක්‍රියාවලිය අයුතු ලෙස යොදවා ගෙන ඇතැයි චෝදනාවට ලක්ව සිටින පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව චෝදනා ලබා ඇති නීතිඥවරයාට එරෙහිව පියවර ගැනීම සුදුසු බව දන්වමින් ගරු අග්‍රවිනිශ්චයකාරතුමා වෙත දන්වා යැවීමට ද අධිකරණ අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බවයි.