රුසියාවට තැපැල් භාණ්ඩ භාර ගැනීම අත්හිටුවයි

June 6, 2022 at 2:06 PM

රුසියාවට ගුවන් මගින් යැවෙන තැපැල් භාණ්ඩ භාරගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මෙරටින් රුසියාවට වාණිජමය ගුවන්ගමන් නැවැත්වීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ.

කෙසේවෙතත් ගුවන්ගමන් කටයුතු යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව රුසියාව වෙත සිදුකරන තැපැල් භාණ්ඩ ප්‍රවාහන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද තැපැල්පතිවරයා සඳහන් කර සිටිනවා.