රුසියානු ගුවන් යානා වාරණය ගැන කරුණු කියන්න නීතිපතිගෙන් මෝසමක්

June 6, 2022 at 10:32 AM

රුසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය සම්බන්ධව කරුණු දැක්වීමට නීතිපතිවරයා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබෙනවා.

රුසියානු “ඒරෝෆ්ලොට්” ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවේ පසුගිය ජුනි 02 වෙනිදායි.

මෙම වාරණ නියෝගය ලබන 16 වන දක්වා බලපැවැත්වෙන බව ද එම නියෝගයේ සඳහන්.