කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුට අධිකරණයෙන් ලැබුණු දඬුවම

June 6, 2022 at 6:42 PM

ඉකුත් අප්‍රේල් මාසයේදී මාතර ප්‍රදේශයේ දී ඉන්ධන ඉල්ලා සිදුකළ මහජන විරෝධතාවයක සාමාජිකයෙකු වූ පුද්ගලයෙකුට මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද වසර 3 1/2ක සිර දඬුවමක් නියම කරනු ලැබුවා.

අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, අයුතු අවහිරය, පොලිස් නිලධාරීන්ට සාපරාධි ලෙස බලහත්කාරය පෑම, රජයේ දේපළ වලට පහරදී අනර්ථය සිදුකිරිම යන චෝදනා වලට වැරදිකරු වූ පුද්ගලයෙකුට මෙලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර 3 1/2ක සිර දඬුවමක්, රු. 6000 දඩයක් සහ රු. 50,000ක වන්දියක් ගෙවනලෙස නියෝග කර සිටියේ.