ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායම ජනතාවට පරිත්‍යාග කරනවා – SLC තීරණය කරයි

June 6, 2022 at 11:29 AM

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංචාරයේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සියලුම ආදායම ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකික ජනතාවට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ප්‍රකාශ කළේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමේ සම්පූර්ණ මුදල් මහජනතාවට පරිත්‍යාග කරන බවයි.

ඕස්ට්‍රේලියානු සංචාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ආදායමක් අපේක්ෂා කර සිටිනවා.

“ඕස්ට්‍රේලියානු සංචාරය අවසන් වූ වහාම පකිස්තානය දිවයිනට පැමිණෙනු ඇත, එමෙන්ම ආසියානු කුසලානය කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත. එබැවින් මෙම තරඟාවලියට සහාය දෙන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් මොහාන් ද සිල්වා වැඩිදුරටත් පැවසුවේ.