ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමයි

June 5, 2022 at 3:28 PM

ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දමා ඇති බව ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිතයෝ පවසනවා.

12.5kg ගෑස් සිලින්ඩරයක නව මිල රු. 6,850 ක් වන අතර 5kg ගෑස් සිලින්ඩරය රු. 2,740ක් වන බවයි ලාෆ්ස් ගෑස් අලෙවිකරුවන් සඳහන් කර සිටින්නේ.

ලාෆ්ස් ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තවමත් එම සමාගම නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

මේ අතර ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැත.

මාස කිහිපයකට පසු ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීමේ කටයුතු ලාෆ්ස් ගෑස් සමාගම මේ වනවිට සිදුකරමින් පවතී.