ජල පාරිභෝගිකයින්ට විශේෂ දැනුම් දීමක්

June 5, 2022 at 11:05 AM

ජල පාරිභෝගිකයින්ට සිය බිල්පත ඊමේල් මගින් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ සඳහා 07193 99999 අංකයට ජල ගිණුම් අංකය සහ ඊමේල් ලිපිනය යොමුකළ යුතු වනවා.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය වාණිජ සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ කියා සිටියේ ඉදිරි මාස 03 ක කාලය සඳහා ජල බිල්පත් මුද්‍රණය කිරීමට අවශ්‍ය කරන කඩදාසි මණ්ඩලය සතුව පවතින බවයි.