චීනයේ සිට අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් රැගත් ගුවන් යානයක් කටුනායකට

June 4, 2022 at 8:15 AM

චීන රජය විසින් පරිත්‍යාග කළ ශ්‍රී ලංකාවට කඩිනම් අවශ්‍යතාවයක්ව පැවති අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ඇතුළු ඇමෙරිකානු ඩොලර් මිලියන 28 ක් වටිනා තවත් ඖෂධ සහ උපකරණ තොගයක් ඊයේ දින රාත්‍රී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් රැගෙන එනු ලැබුවා.

මෙම ඖෂධ තොගය පරිත්‍යාග කර ඇත්තේ චීන රජය මෙන්ම එරට විවිධ බෞද්ධ සමිති සංවිධාන ඇතුළු නොයෙකුත් ප්‍රජා සංවිධාන විසින් බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං පැවසුවේ.

එම ඖෂධ සහ උපකරණ තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න ඇතුළු පිරිසක් පැමිණ සිටියා.