පානදුරේ සහ අලුත්ගම වෙඩි තැබීමේ සිද්ධීන් 02ක්

June 3, 2022 at 2:04 PM

පානදුර සහ අලුත්ගම ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම් දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද උදෑසන ද අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී ද පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා. එහිදී ඝාතනයට ලක්ව තිබුණේ වයස අවුරුදු 42 ක බේරුවල ප්‍රදේශයේ පදිංචි තැඹිලි වෙළඳාමේ නිරත වූ අයෙක්.

මේ අතර පානදුර, නිර්මල මාවත, ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 37 ක පුද්ගලයෙක්. පොලිසිය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවටයි පොලීසිය සැක පළ කරන්නේ.