අද ගෑස් සිලින්ඩර් 16,000ක් බෙදාහැරේ : ජනතාවට විශේෂ දැනුම් දීමක්

June 3, 2022 at 9:02 AM

ගෑස් තොග බෙදා හැරීම අද දිනයෙන් අවසන් වන බව ලිට්‍රෝ සමාගම සඳහන් කර සිටිනවා. අද දිනයේ ගෑස් සිලින්ඩර 16,000 ක් පමණක් බෙදා හැරෙනු ඇති බවයි එම සමාගම සඳහන් කර සිටියේ.

මේ අතර යළි ගෑස් මෙට්‍රික් ටොන් 2,500 ක් රැගත් නෞකාවක් ලබන ඉරිදා දිනයේ දිවයිනට ළගා වීමට නියමිත අතර එහි බෙදාහැරීමේ කටයුතු ලබන අගහරුවාදා සිට සිදුකළ හැකි බව ලිට්රෝ සමාගම සඳහන් කර සිටින්නේ.

එම නිසා ලබන අඟහරුවාදා දක්වා පෝලිම් වල රැඳී නොසිටින ලෙසයි ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අද ගෑස් මිලදී ගත හැකි අලෙවි මධ්‍යස්ථාන මෙතැනින් ඔබට දැන ගත හැකියි :

https://www.litrogas.com/distribution-plan/