රට තුළ පවතින ඉන්ධන සංචිත ගැන දැනුම් දීමක්

June 2, 2022 at 8:55 AM

අද දිනයේ පෙරවරු 8.30 වන විට රට තුළ පවතින ඉන්ධන සංචිත පිළිබඳව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා,

ඒ අනුව ඩීසල් මෙට්ට්‍රික් ටොන් 18,825ක්, සුපර් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 42ක්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 33,498ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 13,067ක්, JET වර්ගයේ ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 386ක් රට තුල සංචිත වශයෙන් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.

මේ අතර තවත් ඩීසල් නෞකාවක් මේ වන විට ගොඩබාමින් පවතින බවත් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් දැනුම් දී සිටිනවා.