මාස 06කට අවශ්‍ය ඖෂධ චීනයෙන් පරිත්‍යාග කරයි

June 2, 2022 at 6:40 PM

චීනය විසින් ලබාදෙන ඖෂධ තොගයක් හෙට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් නිවේදනය කර සිටිනවා. අදාළ ඖෂධ තොගයේ දෙවන කොටස මේ මාසයේ මැද භාගයේදී දිවයිනට ළඟාවීමට නියමිතය.

එලෙස ලබා දෙන ඖෂධ තොගයේ වටිනාකම යුවාන් මිලියන 500ක් පමණ බවයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කර සිටින්නේ.

එම ඖෂධ තොගයෙන් මෙරට මාස 6ක ඖෂධ අවශ්‍යතාවය සපුරාලිය හැකි බව පවසන චීන තානාපති කාර්යාලය අදියර දෙකක් යටතේ එම ඖෂධ තොගය මෙරටට ලබාදීමට නියමිත බව සඳහන් කර සිටිනවා.

එහි පළමු තොගයේ Enoxaparin Sodium එන්නත් 256,320ක් අඩංගු වන අතර එහි වටිනාකම යුවාන් මිලියන 10ක් පමණ වනවා.