හිටපු ඇමතිගේ, පුත්‍රයා සහ බිරිඳ අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි

June 2, 2022 at 2:36 PM

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරිම හා සාපරාධී බලහත්කාර පෑමට අදාළළු සැගව සිටින සැකකරුවෙක් හා සැකකාරියෙක් අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබා දෙන ලෙස පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම අන්තර්හුවමාරුවේ සිදුවූ සිදුවිමක් සම්බන්ධයෙන් මෙසේ ඔවුන්ගේ තොරතුරු ඉල්ලා සිටින්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි ගේ පුතා වන හිටපු තංගල්ල නගරාධිපති රිවිඳු වෙදආරච්චි හා ඔහුගේ බිරිඳ වන නෙත්ම හරින්දික සිල්වා නැමැත්තිය පිළිබඳව පොලීසිය මෙම තොරතුරු ඉල්ලා සිටියි.

ඔවුන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් ස්ථානාධිපති වීරකැටිය – 071 – 8591493 හෝ වීරකැටිය පොලිස් ස්ථානය 047 – 2246226 යන අංක අමතන ලෙස පොලීසිය දන්වා සිටින්නේ.

පොලීසිය අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරුවෙක්ට සැගව සිටිමට ආධාර අනුබල දීමද වරදක් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.