කම්කරු දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යාල සිකුරාදා විවෘත නොකිරීමට තීරණයක්

June 2, 2022 at 9:02 AM

රජයේ වියදම් අඩුකිරීමේ පියවරක් ලෙස හෙට (03) සිට සෑම සිකුරාදාවකම කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල වසා තැබීමට තීරණය කළ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී සිටිනවා.

එම කාර්යාල වසා තැබීමෙන් සිකුරාදා දිනවල සේවක අර්ථ සාධක සහ සේවක භාරකාර අරමුදල්වල කටයුතු සිදුනොවන බවයි කම්කරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අන්දහන් කර සිටින්නේ.